1985 දී අනුර ශ්‍රීනාත් මහතා විසින් පී.ඒ. ලීලාරත්න මහතාත් සමග ප්‍රකාශ කෙරුණු මල්සර පුවත් පතට දීර්ඝ චිත්රකතාවක් කිරීමට ඉඩ ලැබුණි. කෙටි කාලයකින් මෙම පත්‍රය නැවතුනු අතර පහත ඇත්තේ මා ලග ඉතුරුව තිබුණු කොටස් කිහිපයක් පමණි. එහි විස්තර දැනගැනීමට එම චිත්‍රය click කර එය විශාල කරන්න

සුදු හෙවනැලි නමින් වූ එම කතාව, මා දුටු බටහිර ටෙලි වුර්තාන්තයක් ඇසුරින් සකස් කරන ලද්දක්. මේ එහි පුරවා ආරම්භයේ කතා වස්තුව ඉදිරිපත් කරමින් පලකල චිත්‍රය.

එම චිත්රකතාවට ගැන මල්සර පත්‍රයේ කවරයක්ද කරන්න මට ලැබුණු අවස්තාව. කළු තීන්තෙන් outline ඇඳ නිම කරනවා වෙනුවට, පෝස්ටර් කලර් වලින්ම තාත්විකව කවරය නිර්මාණය කිරීමට මම දැරූ උත්සාහය.

සුදු හෙවනැලි කතාවේ පළමු කොටස. මෙහි කතානායකයාගේ මුහුණ මම ඒ දිනවල කැමති හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටෑලෝන් ගේ රුවට ටිකක් සමානව අඳින ලදී.

දෙවන කොටස-සාමාන්‍යයෙන් කාර් ඇඳීමට ආසාවක් සහ දක්ෂතාවයක් මා තුල තිබුනද, මෙහිදී රථයේ සවිස්තර (details) අඩුවෙන් ම විසින් අදින ලද්දේ ඒවා කතාවේ රසයට සදාල නොවන නිසාවෙනි. අවාසනාවකට පසුකලෙක මෙන් අදටත් ආධුනිකයින් කරන්නේ වාහන වැනි කතාවට අදාල් නැති දේවලට වැඩියෙන් විස්තරව ඇදීමය.

තුන්වන කොටස-මේ වනවිට මා විසින් මගේම ශයිලියක් සොයාගෙන තිබුනත්, සමහර ශේඩින්, ඉරි පාරවල් මගේ ප්‍රියතම ශිල්පියා වන ජනක රත්නායක මහතාගේ එවාට සමානතාවයක් තිබෙන බව පෙනෙනවා ඇති. විශේෂයෙන් මෙම පිටුවේ 7 වෙනි කොටුවේ, පඩිපෙළ සහ මල් පඳුර ඔහුගේ ශයිලිය තමා මා ළඟ තිබුනේ.

මෙහි කතාව වුයේ දිගු ගමනක් යන පුද්ගලයෙකු අතින් පාලු පාරකදී අහම්බෙන් අනතුරකට ලක්වී, ළඟපාත වූ කුඩා නගරයක නතරවීමට සිදුවී එම කාලය තුලදී ඔහු අතදකපු අභිරහස්සිදුවීම් වැලක් ගැනයි.
Testing
No comments:
Post a Comment