1981-83 දක්වා මගේ පාසැල වූ නාලන්දාවේ සමරු පොතට ඇඳපු කාටුන් චිත්ර.

1981 දී මට පලමු වරට මගේ පාසැල වූ නාලන්දාවේ ක්රිකට් සමරු පොතේ එක පිටුවකට පමණක් කාටුන් ඇඳීමට ලැබුනා. ඉතිරි පිටු දෙක සැකසුවේ එකල මට වඩා වයසින් වැඩි ආදී නාලන්දියන් දෙදෙනෙක් වන වසන්ත සිරිවර්ධන සහ රුක්ෂාන් රාජපක්ෂ යන දෙදෙනායි.

1982 දී මම සමරු පොතේ පිටු දෙකක කාටුන් ඇඳපු අතර, මේ ඒ පලවෙනි පිටුව.

1982 දෙවෙන පිටුව. මේ වෙන තෙක් කතාව/ස්ක්රිප්ට් එක ලිව්වේ පාසලේ ගුරුතුමෙක් වූ ජී.එච්.යාපා මහතායි.

1983 දී කාටුන් පිටු 3ක් නාලන්දා සමරු පොතට අඳින්න ඉඩ ලැබුනා. මේ ඒ පළවෙනි පිටුව

1983 වන විට යාපා මහතා ගේ අනුදැනුම මත චිත්ර මෙන්ම කතාව/ස්ක්රිප්ට් එකත් මා විසින්ම රචනය කරා. (දෙවැනි පිටුව)

1983 විශේෂය වන්නේ, මගේ අවසාන වසර නිසා, කාටුන්වල 3වන පිටුවේ අවසානයේ, මිතුරු ක්රීඩකයන් මා පසු පස එලවා එන අයුරු ම අන්ද තිබීමයි. මිට කලින් එලෙසම ජනක රත්නායක අයියාත් ඔහුව සැමරු පොතේ ඇඳ තිබීමත් විශේෂත්වයක්.
Testing
No comments:
Post a Comment